Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 58:1 - Sinhala Revised Old Version

1 බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 58:1
18 හුවමාරු යොමු  

දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.


එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,


මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න.


ඔව්හු ඒ අසා, අලුයම් වේලෙහි දේවමාළිගාවට ඇතුල්වී ඉගැන්නුවෝය. නුමුත් උත්තම පූජකයාද ඔහු සමඟ සිටියෝද ඇවිත් මන්ත්‍රණ සභාව හා ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කරවා, ඔවුන් ගෙනෙන පිණිස හිරගෙට මනුෂ්‍යයන් යැවුවෝය.


පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.


බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්