Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:15 - Sinhala Revised Old Version

15 විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:15
20 හුවමාරු යොමු  

විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.


මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.


විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


විනිශ්චයයෙන්වත් මනින දණ්ඩෙන්වත් කිරුමෙන්වත් මැනීමෙන්වත් අධර්මිෂ්ඨකම් නොකරන්න.


දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.


නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.


නුඹලා කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?


ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න.


පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.


එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.


මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.


නුඹලා උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද?


මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.


එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.


නුඹේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්