ජොයෙල් 2:11 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද? Sinhala New Revised Version සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?” Sinhala New Revised Version 2018 සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක. භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?” |
ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.
ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.
මහත් සෙනඟක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක්කරනසේක.
ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක.
ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්,
එබැවින් නුඹ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.
අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.
ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ව සිටිනසේක; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. පොළොව නිශ්චලකරන පිණිසත් බබිලෝනියේ වැසියන් චංචල කරන පිණිසත් උන්වහන්සේ ඔවුන්ට යුක්තිය කරදෙනවාම ඇත.
මා විසින් නුඹ සමඟ ක්‍රියාකරන දවස්වලදී නුඹේ සිත ස්ථිරව නොහොත් නුඹේ අත් බලවත්ව තිබේද? ස්වාමීන්වහන්සේ වන මම ඒ දේ කීමි, එලෙසම කරන්නෙමි.
අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.
මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ.
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ;
ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.
මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.
ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
රාශි ගණන් සමූහයෝ තීන්දුකිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද තීන්දු-කිරීමේ මිටියාවතෙහි ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ.
ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.
ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.
ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.
ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද?
මක්නිසාද සියලු ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත; නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත.
උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
නුමුත් උන්වහන්සේගේ ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? උන්වහන්සේ පෙනෙන කල සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය.
මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.
එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.