Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:34 - Sinhala Revised Old Version

34 ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ව සිටිනසේක; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. පොළොව නිශ්චලකරන පිණිසත් බබිලෝනියේ වැසියන් චංචල කරන පිණිසත් උන්වහන්සේ ඔවුන්ට යුක්තිය කරදෙනවාම ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:34
32 හුවමාරු යොමු  

කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹට යුක්තිය කරදී, නුඹ උදෙසා පළිගන්නෙමි; මම ඇගේ මුහුද හින්දවා,


නපුරන්ගේ අතින් නුඹ නිදහස්කරන්නෙමි, භයානකයන්ගේ මිටෙන් නුඹ මුදන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.


නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.


දෙවියන්වහන්ස, මා විනිශ්චයකොට, අභක්තික ජාතියකට විරුද්ධව මා උදෙසා කාරණා කිව මැනව. කපටිවූ අසාධාරණවූ මනුෂ්‍යයාගෙන් මා මුදාගත මැනව.


ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.


සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්නසේක.


නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.


ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


මක්නිසාද ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ය; උන්වහන්සේ නුඹට විරුද්ධව ඔවුන්ගේ විත්තිය කියනවා ඇත.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.


එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.


යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.


නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් ගළවා, ඔහුට වඩා බලවත්ව සිටි අයගේ අතින් ඔහු මිදූසේක.


දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.


ඔබවහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වනසේක, ඔබ පියවරුන්ගේ අයුතුකම ගැන ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ගේ ළයට ප්‍රතිඵලද දෙනසේක. ඔබ මහත්වූ, පරාක්‍රමවත්වූ, සේනාවල ස්වාමීන්වහන්සේය යන නාමය ඇත්තාවූ,


ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණා කීසේක; මාගේ ප්‍රාණය මිදූසේක.


ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?


ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කොට, ඔබට විරුද්ධව පව්කළාවූ ඔබගේ සෙනඟට කමාවුව මැනව.


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


ඔවුන්ගේ දරුවෝ පළමු සිටියාක් මෙන් වන්නෝය, ඔවුන්ගේ සභාවද මා ඉදිරියෙහි පිහිටෙනවා ඇත, ඔවුන්ට පීඩාකරන සියල්ලන්ට දඬුවම්කරන්නෙමි.


මෝවබ් පාළුවිය, ඔව්හු ඇගේ නුවරවලට ගියෝය, ඔහුගේ තෝරාගත් යෞවනයෝද මැරුම් කෑමට බැස ගියෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්