Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 13:4 - Sinhala Revised Old Version

4 මහත් සෙනඟක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක්කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 13:4
23 හුවමාරු යොමු  

රාශි ගණන් සමූහයෝ තීන්දුකිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද තීන්දු-කිරීමේ මිටියාවතෙහි ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ.


මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.


එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.


තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.


ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.


අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.


නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.


මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්