Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 42:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 42:13
19 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක.


එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.


ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.


ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.


ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.


මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.


එබැවින් නුඹ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: සිංහයා වුවත් තරුණ සිංහයා වුවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට බසිනසේක.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.


ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.


මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදී යන ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.


ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්