යෝබ් 29:9 - Sinhala Revised Old Version අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය. Sinhala New Revised Version ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ. Sinhala New Revised Version 2018 ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ. |
යමෙක් නුඹ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් නුඹ අප්‍රසන්න වන්නෙහිද? නුමුත් කථාව නවතාගන්ට පුළුවන් කාටද?
ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
ඔව්හුද: නිශ්ශබ්දව අතින් කට වසාගන අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න. නුඹට වඩා හොඳ කෝකද–එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කීවෝය.