Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:19 - Sinhala Revised Old Version

19 ඔව්හුද: නිශ්ශබ්දව අතින් කට වසාගන අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න. නුඹට වඩා හොඳ කෝකද–එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔව්හු පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔව්හු පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:19
12 හුවමාරු යොමු  

අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය.


මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.


එවිට මීකා: මා සමඟ වැස මට පිය කෙනෙක්ද පූජකයෙක්ද වෙන්න, මම නුඹට අවුරුදුපතා රිදී දසයක් හා ඇඳුම් කුට්ටමකුත් කෑමත් දෙන්නෙමියි ඔහුට කීවේය.


ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරි වෙනවා ඇත.


නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.


පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.


එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.


ඉශ්‍රායෙල් රජ ඔවුන් දැක: මාගේ පියාණෙනි, ඔවුන්ට පහරදෙම්ද? පහරදෙම්දැයි එලිෂාගෙන් ඇසුවේය.


මොවුන් මීකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරව්ම් රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: නුඹලා මක්කරනවාදැයි ඔවුන්ට කීය.


එවිට පූජකයාගේ සිත සතුටුව ඔහු ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද කැපූ රූපද රැගෙන සෙනඟ අතරට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්