ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?
යෝබ් 26:6 - Sinhala Revised Old Version ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත. Sinhala New Revised Version පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත. Sinhala New Revised Version 2018 පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත. |
ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?
පළමුකොට මට යමක් දුන්නේ කවුද? දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.
මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.
ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.
යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.
ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.
ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.
උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.
පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය.