ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 26:3 - Sinhala Revised Old Version

නුවණ නැත්තාට දැනුමැතිකම් දී, සැබෑ දැනගැන්ම බොහෝසෙයින් ප්‍රකාශකළ හැටි!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!

පරිච්ඡේදය බලන්න



යෝබ් 26:3
17 හුවමාරු යොමු  

නොඅනුමානවම මිනිස්සු නම් නුඹලාය, නුඹලා නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.


මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ; මම නුඹලාට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?


නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය.


නුමුත් නුඹලා සියලු දෙනා දැන් හැරී එන්න. නුඹලා අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.


නුඹ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!


නුඹ කාට වචන කීවෙහිද? නුඹෙන් නික්ම ආවේ කාගේ ආත්මයද?


මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.


නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම නුඹට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.


අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?


මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?


ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්,


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.