ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 20:19 - Sinhala Revised Old Version

මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 20:19
28 හුවමාරු යොමු  

නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.


ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.


මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය,


පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.


පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.


දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


පොළොවේ උදුනක සත් වරක් පවිත්‍රකළ රිදී මෙන් ස්වාමීන්ගේ වචන පිරිසිදුය.


දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.


නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.


දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,


දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය.


එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.


මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.


ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.


නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන් තමුන්ගේ ප්‍රිය ගෙවල්වලින් පන්නා දමන්නහුය; ඔවුන්ගේ බාල දරුවන්ගෙන්ද මාගේ මහිමය සදාකාලේටම පහකරන්නහුය.


නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.


මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?


බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.