Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 5:12 - Sinhala Revised Old Version

12 මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 5:12
39 හුවමාරු යොමු  

දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.


නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.


නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුවහුය; ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත.


බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.


නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;


නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.


එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.


බලවතුන් අතරෙහි ධෛර්ය සිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,


මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දුෂ්ටකම් කොට තමුන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරයකළෝය, මා විසින් ඔවුන්ට අණ නොකළ වචන බොරුවට මාගේ නාමයෙන් කීවෝය; නුමුත් මම දනිමි, මම සාක්ෂිකාර වෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.


නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.


ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම


ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති.


අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!


අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!


දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.


මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,


බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.


එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.


තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ.


මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,


මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.


මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත.


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න.


නුඹේ දිළිඳු අයෙකුගේ නඩුවේදී ඔහුගේ විනිශ්චය නොපෙරළන්න.


මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්