Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 5:11 - Sinhala Revised Old Version

11 එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 5:11
30 හුවමාරු යොමු  

ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.


නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.


නුඹ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. නුඹ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. නුඹ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.


ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?


නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.


ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.


මම ශීත සෘතු නිවාසයටත් ග්‍රීෂ්ම සෘතු නිවාසයටත් පහරදෙන්නෙමි. ඇත්දත් ගෙවල් විනාශවෙනවා ඇත, මහත් ගෙවල්ද පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.


ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළඳාම් බඩු උදුරාගන්නවා ඇත. නුඹේ පවුරු බිඳදමා, නුඹේ ප්‍රිය ගෙවල් හෙළාදමා, නුඹේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.


සමාරියේ කඳු උඩ නුඹලා රැස්වී, එය තුළ තිබෙන මහත් කෝලාහලද එය මැද තිබෙන පීඩාද බලන්නය කියමින් අෂ්දොද්හි මාළිගාද මිසර දේශයේ මාළිගාද උඩ සිට ප්‍රකාශකරන්න.


සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ නියමකර තිබෙන හැටියට ලොකු ගෘහය කැඩුම් ඇතිවන ලෙසත් කුඩා ගෘහය පැළුම් ඇතිවන ලෙසත් ඒවාට පහරදෙනු ලබන්නේය.


නොවටිනා දෙයක් ගැන සන්තෝෂවෙන්නාවූ, අපේම බලයෙන් අපි අං ලබා නොගතිමුදැයි කියන්නාවූ තැනැත්තෙනි,


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


එබැවින් මම සමාරිය කෙතේ ගොඩක්ද මිදිවතුද කරන්නෙමි. එහි ගල් මිටියාවතට වගුරුවා, එහි අත්තිවාරම් ප්‍රකාශකරන්නෙමි.


අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.


මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.


මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩාකොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.


දුර්වලවූ සියල්ලන් පිටතට පන්නාදමන තුරු නුඹලා ඇලපතෙන්ද උරෙන්ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,


පාවරෙන්වත් මිදි පැසෙන්වත් ඔව්හු පෝෂ්‍ය නොවන්නෝය, මිදියුසද එහි නොවන්නේය.


දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.


මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්