යෝබ් 18:11 - Sinhala Revised Old Version භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය. Sinhala New Revised Version භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි. Sinhala New Revised Version 2018 භීතිය සැම’තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි. |
ඔහු ඒක අදින විට ඒක ඔහුගේ ඇඟෙන් නික්මෙන්නේය. එසේය, දිලියෙන තුඩ ඔහුගේ පිතෙන් පිටවෙන්නේය; භීති ඔහු කෙරෙහි වන්නේය.
භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.
නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.
එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.