Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:29 - Sinhala Revised Old Version

29 ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:29
21 හුවමාරු යොමු  

ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කෙතට නොයන්න, මාර්ගයෙහි නොයන්න; මක්නිසාද සතුරාගේ කඩුවද හැම අතින්ම භීතියද තිබේ.


කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.


අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.


මක්නිසාද අප මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය.


අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය;


දමස්කය බෙලහීනව පලායන්ට හැරුණාය, වෙවුලුම ඈ අල්ලාගත්තේය. බිහිකරන ස්ත්‍රියෙකුට මෙන්, විපත්තියද වේදනාවද ඈට පැමිණ තිබේ.


මාගේ කූඩාරම නාස්තිවිය, මාගේ කූඩාරම් ලනු සියල්ලද කඩාදමනු ලැබුවේය. මාගේ දරුවෝ මා වෙතින් ගියෝය, ඔව්හු නැත. තවත් මාගේ කූඩාරම දිගහැර මාගේ තිර එල්ලන්ට කිසිවෙක් නැත.


නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශකරනු ලබන්නේය; මක්නිසාද මුළු දේශයම නාස්තිවී තිබේ. හදිසියෙන් මාගේ කූඩාරම්ද මොහොතකින් මාගේ තිරද නාස්තිවුණේය.


කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.


එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කුඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත.


මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.


ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.


මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය.


එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය.


මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවතේ පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරෙළ් වැලිමෙන් බොහෝව සිටියෝය.


මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.


ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.


බලව, නුඹ වටකර සිටින සියල්ලන්ගෙන් නුඹ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලා එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්