මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යූදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.
යෙරෙමියා 11:11 - Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි. Sinhala New Revised Version එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි. Sinhala New Revised Version 2018 එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි. |
මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යූදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.
බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යූදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.
ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.
නුඹව සිටෙවුවාවූ සේනාවල ස්වාමීන්වහන්සේ, ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් බාල්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් මා කෝපකරවන ලෙස සිද්ධකරගත්තාවූ නපුර නිසා නුඹට විපත්තිය නියමකර තිබේ.
ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.
අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.
යූදාහි රජවරුනි, යෙරුසලමේ වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–අසන සියල්ලන්ගේ කන් ලෙළදෙන තරමට මේ ස්ථානය පිටට විපත්ති පමුණුවමි.
එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.
මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය.
එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.
මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක, කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.
මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද?
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: විපත්තියක්ය, එක්තරා විපත්තියක්ය; බලව, ඒක පැමිණෙයි.
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.
එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.
එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.