Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 11:17 - Sinhala Revised Old Version

17 නුඹව සිටෙවුවාවූ සේනාවල ස්වාමීන්වහන්සේ, ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් බාල්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් මා කෝපකරවන ලෙස සිද්ධකරගත්තාවූ නපුර නිසා නුඹට විපත්තිය නියමකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 11:17
33 හුවමාරු යොමු  

ඔහු ඒක වටකොට අගළක් කපා, ගල් අහක්කොට, ඉතා හොඳ මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා, එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.


ඔබ ඔවුන් හිටෙවුසේක; ඔව්හු මුල් ඇද වැඩි ඵලදෙති; ඔව්හු කටින් ඔබට ළංව සිටින නුමුත් සිතින් ඔබගෙන් දුරුව සිටිති.


එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.


ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.


ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.


නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.


රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක.


සමහරවිට ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව් ඇතුව වැටී, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ සෙනඟට විරුද්ධව කියා තිබෙන උදහස සහ කෝපය මහත්යයි කීවේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, යූදාවරුන්ටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මා විසින් කියා තිබෙන මුළු විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි. මක්නිසාද මා ඔවුන්ට කථාකළ නුමුත් ඔව්හු නෑසුවෝය; මා ඔවුන්ට අඬගැසූ නුමුත් ඔව්හු උත්තර නුදුන්නෝයයි කියන්නැයි කීසේක.


යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.


එබැවින් දැන් නුඹලාගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.


යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.


මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.


නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,


සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.


ඔබගේ දකුණතින් රෝපණයකළ මුල හා ඔබටම සවිකරගත් අත්තද විමසා බැලුව මැනව.


ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.


ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි;


එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: දේශයේ සියලු වැසියන් පිටට උතුරෙන් විපත්තිය නික්ම එන්නේය.


මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති.


මක්නිසාද, යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.


මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් සහ යූදා පුත්‍රයන්ද තමුන්ගේ යෞවන කාලයේ පටන් කරගන ආවේ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේවල් පමණක්ය. එසේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ අත්වල ක්‍රියාවෙන් මට කළේ මා කෝපකරවන දේ පමණක්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?


යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.


එහෙත් මාගේ සෙනඟ මා මතකනැතිකළෝය, ඔව්හු දේව රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; ඒවා වනාහි හරි නොගැස්සූ මාර්ගයකද අතුරු පාරවලද යන ලෙස පුරාණ මාවත් වන ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිලවති.


ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලාට පැමුණුණේය.


නුමුත් ඔව්හු නෑසුවෝය, අන්දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු නොකරන ලෙස තමුන්ගේ දුෂ්ටකමෙන් හැරෙන්ට ඔව්හු කන් යොමු නොකළෝය.


ඉශ්‍රායෙල් විහිදීයන්නාවූ, ඵල දරන මිදිවැලක්ය. තමාගේ ඵල වැඩිවූ පමණට ඔහු පූජාසන වැඩිකෙළේය; ඔහුගේ දේශයේ සාරභාවය හැටියට ඔව්හු අලංකාරවූ රූපස්තම්භ සෑදුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්