Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:2 - Sinhala Revised Old Version

2 යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:2
30 හුවමාරු යොමු  

ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.


මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය.


නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.


එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.


උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ.


කෙත් නාස්තිවී තිබේ, දේශය වැලපෙයි; මක්නිසාද ගොයම් නාස්තිවී, මිදියුස සිඳී, තෙල් හීනවී තිබේ.


එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.


සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.


ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.


ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය.


දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.


මේ නිසා පොළොව වැලපෙන්නීය, ඉහළ අහසද කළුවර වන්නේය; මක්නිසාද මම ඒක කියා නියමකෙළෙමි, මා ඒ ගැන තැවුණේවත් එයින් අහක්වයන්නේවත් නැත.


දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්මෙල් කොළ හෙළාදමයි.


අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.


පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති.


මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.


මනුෂ්‍යයන්ට පෙනෙන ස්ථානයේදී උන්වහන්සේ දුෂ්ටයන් හැටියට ඔවුන්ට පහරදෙනසේක.


මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.


දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමඟද ඊසාක් සමඟද යාකොබ් සමඟද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක.


අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද,


මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය.


ඔව්හු එය පාළුවක් කළෝය; එය පාළුවක් වී, මා ඉදිරියෙහි වැලපෙන්නේය; කවුරුවත් සිතට නොගන්න නිසා මුළු දේශය පාළුකරනලද්දේය.


ජාතීන් නුඹේ ලජ්ජාව ගැන අසා තිබේ, නුඹේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මක්නිසාද බලවන්තයා බලවන්තයාට හැපී දෙන්නාම එක්ව වැටුණෝයයි කීසේක.


ස්වාමීන්වහන්සේ සියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-තාප්පය සහ පවුර වැලපෙන්ට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති.


මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් අටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.


ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.


ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්