Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:2 - Sinhala Revised Old Version

2 අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:2
18 හුවමාරු යොමු  

ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.


එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි.


යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.


තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය.


එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.


එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝය; ඔවුන් ගැන කිසිවෙක් නොවැලපෙන්නේය, ඔව්හු වළලනු නොලැබ, භූමිය මතුපිට කසළ මෙන් වන්නෝය. ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද විනාශවී, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.


මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.


මෙසේ කියන්න–මම නුඹලාගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වහල්කමට යන්නෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මා ජීවමාන බව සැබෑවා සේම, පාළු ඉඩම්වල සිටින්නෝ කඩුවෙන් වැටෙන්නෝය, කෙතේ පිටත සිටින අය මෘගයන්ට කෑම පිණිස දෙන්නෙමි, බලකොටුවලද ගුහාවලද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝය


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්