ගීතාවලිය 59:9 - Sinhala Revised Old Version මාගේ ශක්තියවූ තැනන්වහන්ස, ඔබ පතා සිටින්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය. Sinhala New Revised Version මාගේ සවිය වන ඔබ මම පසසමි. මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. Sinhala New Revised Version 2018 මාගේ සවිය වන ඔබ මම පසසමි. මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. |
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.
මාගේ ශක්තියවූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය, මට කරුණාකරන දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය.
ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]