Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 62:11 - Sinhala Revised Old Version

11 දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 62:11
12 හුවමාරු යොමු  

මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හෙලලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය.


මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරක්, එසේය, දෙවරක්,


ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.


මම එක වරක් කථාකෙළෙමි, එහෙත් උත්තර නොදෙන්නෙමි; එසේය, දෙවරක් කථාකෙළෙමි, නුමුත් තවත් එසේ කථා නොකරන්නෙමියි කීය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


මාගේ ශක්තියවූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය, මට කරුණාකරන දෙවියන්වහන්සේය.


හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය.


එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.


නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩිකරගෙන සිටින බැවින්, නුඹේ සම්පත්වලින් නුඹේ සිත උඩඟුවී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්