ගීතාවලිය 56:2 - Sinhala Revised Old Version මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති. Sinhala New Revised Version සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? Sinhala New Revised Version 2018 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? |
ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.
මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්: කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේදැයි කියති.
මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.
මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද?
මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි.