මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.
ගීතාවලිය 56:10 - Sinhala Revised Old Version මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි. Sinhala New Revised Version මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. Sinhala New Revised Version 2018 මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි. |
මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.
රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.
මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදා දෙන්නෙමි, සුක්කොත් මිටියාවත මැන දෙන්නෙමි.
මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.