තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
ගීතාවලිය 52:9 - Sinhala Revised Old Version ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි. තවද ඔබගේ ශුද්ධවන්තයන් ඉදිරියෙහිදී ඔබගේ නාමය කෙරෙහි බලා සිටින්නෙමි, මක්නිසාද ඒ යහපත්ය. Sinhala New Revised Version ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි. Sinhala New Revised Version 2018 ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි. |
තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.
කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි. ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.