මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.
ගීතාවලිය 52:2 - Sinhala Revised Old Version නුඹේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි. Sinhala New Revised Version දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය. Sinhala New Revised Version 2018 දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය. |
මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.
මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.
බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති; ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔව්හු කියති.
පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය.
පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය.
මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,
එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ;
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.
එවිට සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියාව සිටිය ඒදොමිය දොවෙග් උත්තරදෙමින්: යෙස්සේගේ පුත්‍රයා නොබ්හි සිටින අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් ළඟට එනවා දුටිමි.