ගීතාවලිය 34:16 - Sinhala Revised Old Version නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ. Sinhala New Revised Version පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක. Sinhala New Revised Version 2018 පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමිතුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක. |
උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.
එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,
ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.
අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹලාට විපත්තිය පිණිසද සියලු යූදාවරුන් සිඳදමන පිණිසද මාගේ මුහුණ නුඹලාට විරුද්ධව තබමි.
ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.
ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.