ඔහුගේ සේවකයෝ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙකරුවූ හෙසකියාටත් විරුද්ධව තවදුරටත් කථාකෙළේය.
ගීතාවලිය 31:18 - Sinhala Revised Old Version ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා. Sinhala New Revised Version අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව. Sinhala New Revised Version 2018 අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව. |
ඔහුගේ සේවකයෝ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙකරුවූ හෙසකියාටත් විරුද්ධව තවදුරටත් කථාකෙළේය.
එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
ඔවුන්ගේ කටේ පාපය හා තොල්වල වචන නිසාද, ඔවුන් කියන ශාප බොරු බස් නිසාද, ඔව්හු අහංකාරයෙන් සිටියදීම අසු වෙත්වා.
නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?
නුමුත් ඵරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය.
නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.
යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.
ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කීවේය
නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.
පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.
ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.