Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 25:7 - Sinhala Revised Old Version

7 ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වෝ, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:7
16 හුවමාරු යොමු  

ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය.


පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.


නායක පූජකයෝද ලියන්නෝද නැඟිට සිට, තදලෙස උන්වහන්සේට වරද තැබුවෝය.


ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.


මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.


සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.


අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැගිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.


එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.


මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත.


එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්:


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්