මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
ගීතාවලිය 3:3 - Sinhala Revised Old Version නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. Sinhala New Revised Version සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. Sinhala New Revised Version 2018 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. |
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය,
ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න.
නුඹලා එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ නුඹලා නොනැසී ජීවත්වන්නහුය. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නවා ඇත කියා හෙසකියා නුඹලා පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න.
යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යූදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර,
ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
නුමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්. ස්වාමීන්ට මා හඬගසන කල උන්වහන්සේ අසනසේක.
මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.
ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය.
දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.