Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 3:2 - Sinhala Revised Old Version

2 දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්‍රාණය ගැන කියන්නෝ බොහෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 3:2
14 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ ඔහු අත්හැරිය සේක. ලුහුබඳිමින් ඔහු අල්වාගනිව්; මක්නිසාද ඔහු මුදන්ට කිසිවෙක් නැතැයි කියති.


නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.


මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.


මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්:


භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.


ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක.


ගෝත්‍රවලට දුන් දිවුරුම් වචනය ප්‍රකාරයට, ඔබගේ දුන්නේ වැස්ම ඇරලාම තිබුණේය. ගංගා සෑදෙන ලෙස ඔබ පොළොව පැළූසේක.


දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.


මනුෂ්‍ය පුත්‍රයෙනි, මාගේ ගෞරවය කොපමණ කල් අගෞරවයට පෙරළන්නහුද? නුඹලා කොපමණ කල් නිෂ්ඵල දේට ඇලුම්ව බොරුව සොයන්නහුද?


ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.


ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.


මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්