ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 26:4 - Sinhala Revised Old Version

මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 26:4
11 හුවමාරු යොමු  

මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,


දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,


මුරණ්ඩු සිතක් මා කෙරෙන් දුරුවන්නේය. නපුරු දෙයක් දැන නොගන්නෙමි.


නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්. මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.


මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.


තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.


ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.


මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.


මමද සිනාසෙන්නන්ගේ සභාවෙහි හිඳගන ප්‍රීතිනොවීමි. ඔබගේ හස්තය නිසා තනියම හිඳගතිමි; මක්නිසාද ඔබ කෝපයෙන් මා පිරෙවූසේක.


නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,