ගීතාවලිය 145:1 - Sinhala Revised Old Version මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි. Sinhala New Revised Version මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි. Sinhala New Revised Version 2018 මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි. |
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.
ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.
කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.
දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.
මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි; මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව.
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි. තවද ඔබගේ ශුද්ධවන්තයන් ඉදිරියෙහිදී ඔබගේ නාමය කෙරෙහි බලා සිටින්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.
ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.
ස්වාමීන්වහන්සේ මා ගළවන්ට සෑදී සිටිනසේක. එබැවින් අපේ ජීවිතයේ සියලුම දවස්වල ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී මාගේ ගීතිකා ගායනාකරන්නෙමු.
දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.
එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.
උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.