ගීතාවලිය 75 - Sinhala Revised Old Versionදෙවියන්වහන්සේගේ වැඩසිටීම හා බලය ගැන ස්තුති කිරීම 1 දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති. 2 නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි. 3 පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි. 4 අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි. 5 නුඹලාගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්. 6 මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය. 7 නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක. 8 මක්නිසාද ස්වාමීන්ගේ අතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි; එය මිශ්‍ර ද්‍රව්‍යයෙන් පිරී තිබේ, උන්වහන්සේ එයින් වත්කරනසේක. සැබවින් පොළොවේ සියලු දුෂ්ටයෝ එහි මණ්ඩි මිරිකා බොන්නෝය. 9 එහෙත් මම සදාකල් ප්‍රකාශ කරන්නෙමි, යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. 10 දුෂ්ටයන්ගේ අං සියල්ලද කපාදමන්නෙමි; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ අං ඔසවනු ලබන්නේය. |
Ceylon Bible Society
Ceylon Bible Society