ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 142:1 - Sinhala Revised Old Version

මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම හඬ නඟා සමිඳාණන් වහන්සේට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 142:1
12 හුවමාරු යොමු  

යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.


ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.


මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.


ස්වාමිනි, ඔබට හඬගැසීමි; ස්වාමීන්ට කන්නලව්කෙළෙමි.


අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.


දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.


දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


ඔහු මාර්ගයෙහි තිබුණු බැටළු ගාල්වලට පැමුණුණේය. සාවුල් ශරීර කෘත්‍යය සඳහා එහි තිබුණ ගුහාවකට ඇතුල්වුණේය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ගුහාවේ ඇතුල් භාගවල සිටියෝය.


එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, නුඹට හොඳව පෙනෙන ලෙස නුඹේ සතුරාට කරන පිණිස මම නුඹ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොණ රහසින් කපාගත්තේය.