තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.
ගීතාවලිය 141:2 - Sinhala Revised Old Version මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. Sinhala New Revised Version මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. Sinhala New Revised Version 2018 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. |
තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා.
එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.
මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
දුම් පූජාසනය සහ ඒකේ පොලුද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයද මණ්ඩපයට ඇතුල්වීමේ දොරකඩට දොරකඩ කඩතුරාවද;
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.
මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.
එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.