Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:35 - Sinhala Revised Old Version

35 තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පනස්දෙන දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:35
14 හුවමාරු යොමු  

ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.


ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.


එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නැයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,


යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.


ඔවුන් අවට සිටි සියලු ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ හැඬීම අසා: මෙහි සිටියොත් පොළොව අපත් ගිලගන්නවා ඇතැයි කියමින් පලාගියෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


කෝරාගේ කාරණය නිසා මැරුණවුන් ඇර වසංගතයෙන් මැරුණු අය දසසතරදාස් හත්සියයක් වූහ.


අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.


ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.


එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.


එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වසංගතයෙන් මාරුණැහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්