මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
ගීතාවලිය 101:2 - Sinhala Revised Old Version නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි. Sinhala New Revised Version නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවෙසහි මම වාසය කරන්නෙමි. Sinhala New Revised Version 2018 නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවසෙහි මම වාසය කරන්නෙමි. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.
දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.
එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.
ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්,
නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.
ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. නිර්දෝෂ මාර්ගයෙක්හි හැසිරෙන තැනැත්තේම මට මෙහෙකරන්නේය.
නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා සිහි කරනසේක. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්ස, පමා නූව මැනව.
පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.
අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.
ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.
එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?