Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:14 - Sinhala Revised Old Version

14 එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ මන්ත්‍රණ සභාවට ඇතුළත් වන රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ ආරක්ෂක පිරිසේ ප්‍රධානියා වන ඔබේ රජ වාසල රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:14
13 හුවමාරු යොමු  

යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.


ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.


තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.


සාවුල්ද: නුඹත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? නුඹ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.


දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.


ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.


ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.


ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි. මක්නිසාද මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ යුද්ධකරන බැවින් ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට ස්ථිරවූ වංශයක් සාදාදෙනසේක්මය, ඔබගේ සියලු දවස්වලදී ඔබ තුළ නපුර දකිනු නොලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්