Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:106 - Sinhala Revised Old Version

106 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

106 ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

106 ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:106
12 හුවමාරු යොමු  

තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි.


අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමීන්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝය.


තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්. මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.


බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ.


සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා;


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්