එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.
ගණන් කථාව 18:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය. |
එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.
උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.
අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
තවද නුඹේ වම් අංශයට හාන්සිවී, ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම ඊ පිට තබාගන හිඳින්න. නුඹ ඊ පිට හාන්සිවී ඉන්න දවස් ගණන මුළුල්ලෙහි නුඹ ඔවුන්ගේ අයුතුකම දරන්නෙහිය.
නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.
එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය.
නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය.
උන්වහන්සේ නුඹ සහ නුඹ සමඟ ලෙවීගේ පුත්‍රයන් වන නුඹේ සියලු සහෝදරයන්ද ළංකර ගත් එකත් නුඹලාට මදිද? නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද?
ළංවන්නාවූ, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ළංවන්නාවූ කවුරු නුමුත් නසින්නේය. තීන්දුවට අපි සියල්ලෝම විනාශවන්නෙමුදැයි කීවෝය.
ආරොන්ගේ නම ලෙවීගේ සැරයටිය පිට ලියන්න. මක්නිසාද ඔවුන්ගේ පිය වංශවල එක එක ප්‍රධානියාට එක සැරයටියක් බැගින් තිබිය යුතුය.
මේවාත් නුඹට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.
ඒ කාලයේදී ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පිණිසද අද දක්වා කරන ලෙස ස්වාමීන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ ඉදිරියෙහි සිටින පිණිසද උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ස්වාමීන්වහන්සේ ලෙවීගේ ගෝත්‍රය වෙන්කළසේක.
නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.
මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.