Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 17:12 - Sinhala Revised Old Version

12 මීකා වනාහි ඒ ලෙවීයයා පත්කෙළේය, තරුණයා මීකාට පූජකයෙක් වී ඔහුගේ ගෙයි විසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 17:12
9 හුවමාරු යොමු  

ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.


ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.


එවිට ලෙවීයයා ඇතුල්වී, ඒ මනුෂ්‍යයා සමඟ වසන්ට සතුටු විය; ඒ තරුණයා ඔහුට ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් වූයේය.


එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.


දාන් පුත්‍රයෝ කැපූ රූපය පිහිටුවාගත්තෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ යොනාතාන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් වාලට ගිය දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය.


ඔහුද: මීකා මට මේ මේ ආකාර කර, මා ඔහුගේ පූජකයාව සිටින පිණිස මා කුලියට ගත්තේයයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්