Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 4:4 - Sinhala Revised Old Version

4 තවද නුඹේ වම් අංශයට හාන්සිවී, ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම ඊ පිට තබාගන හිඳින්න. නුඹ ඊ පිට හාන්සිවී ඉන්න දවස් ගණන මුළුල්ලෙහි නුඹ ඔවුන්ගේ අයුතුකම දරන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 4:4
11 හුවමාරු යොමු  

එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.


බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත.


නුඹලා පාප පූජාව ශුද්ධ ස්ථානයෙහිදී නොකෑවේ මක්නිසාද? එය අති ශුද්ධය. ඇරත් නුඹලා සභාවේ අයුතුකම පහකරන පිණිසද ස්වාමීන්වහන්සේ ඉදිරිපිට ඔවුන් උදෙසා සමගිකමක් කරන පිණිසද උන්වහන්සේ එය නුඹලාට දී තිබේ.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.


මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.


මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.


නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්