ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 15:39 - Sinhala Revised Old Version

නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 15:39
21 හුවමාරු යොමු  

ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.


මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,


මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.


මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.


මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.


තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.


එහි නොහැසිර, තමුන්ගේ සිතේ මුරණ්ඩුකමේ හැටියටත් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්නූ ලෙස බාල් දේවතාවුන් පස්සෙත් ගිය නිසායයි කියනසේක.


නුඹලාගෙන් ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.


නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;


තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.


මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.


මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.


නුඹේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ, නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටහත්කර නුඹ සෝදිසිකරන පිණිස,


කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.