Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:19 - Sinhala Revised Old Version

19 තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:19
33 හුවමාරු යොමු  

නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.


නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,


එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.


අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.


ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, නුඹ නුඹටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් නුඹට ප්‍රශංසා කරන නුමුත්,


නුඹලාගේ ප්‍රධානියෝද නුඹලාගේ ගෝත්‍රද නුඹලාගේ වැඩිමහල්ලෝද නුඹලාගේ මුලාදෑනීහුද වන සියලු


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ යම් නුවරක් තුළ නුඹලා අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,


හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.


මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝකකළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත්කළ නිසාද,


ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


බලව, මම ශුභසිද්ධිය පිණිස නොව විපත්තිය පිණිස ඔවුන් ගැන පිබිද සිටිමි. මිසර දේශයෙහි සිටින සියලුම යූදාවරු තීන්දුවෙන තුරු කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවී යන්නෝය.


ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය.


තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.


එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.


එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් නුඹලා අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් නුඹලා අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.


ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,


මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි.


නුමුත් ඔව්හු: ඒක නිෂ්ඵලය. මක්නිසාද අපේම අභිප්‍රායයන් ලෙස හැසිරෙන්නෙමුව, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමුයයි කියති.


යූදාහි රජවූ යෙහෝයාකීම් ගැනත් මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජ ඇවිත් මේ දේශය නාස්තිකර, මෙතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද පහකරදමන්නේය කියා නුඹ මේ පොතෙහි ලියුවේ මක්නිසාදැයි කියමින් නුඹ ඒක දවාදැමුවෙහිය.


නුමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය.


ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය. ස්වාමීන්වහන්සේද කමාවෙන්ට නොකැමැතිවූසේක.


මක්නිසාද ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි පොරොත්තුව සිටි අන්‍යයන්ගෙන් හෝ මාගෙන් වෙන්වී තමාගේ දේවරූප තමාගේ සිතේ තබාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා, මා ගැන අනාගතවක්තෘගෙන් විභාගකරන්ට ඔහු ළඟට ආකල්හි ස්වාමීන්වහන්සේ වන මම මා ගැන ඔහුට උත්තරදෙන්නෙමි.


මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්