Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 6:12 - Sinhala Revised Old Version

12 මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 6:12
22 හුවමාරු යොමු  

එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,


නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.


මා විසින් නුඹලා සමඟ කළාවූ ගිවිසුම මතකනැති නොකරන්න; වෙන දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා.


අපේ පලිහවූ ස්වාමිනි, මාගේ සෙනඟට මතකනැති නොවන පිණිස, ඔවුන් නොනැසුව මැනව. ඔබගේ බලයෙන් ඔවුන් විසුරුවා පහත හෙළුව මැනව.


තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,


මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.


අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.


නුඹ කා තෘප්තියට පැමිණ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.


නුඹ ජාතක කළ පර්වතය නොසලකන්නෙහිය, නුඹ ඉපදෙවූ දෙවියන්වහන්සේ සිහි නැති කෙළෙහිය.


ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය.


මහත් බලයෙන්ද දිගුකළ හස්තයකින්ද මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වා, උන්වහන්සේටම නමස්කාර කොට, උන්වහන්සේටම පූජාකරන්න.


දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය; අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය.


මේ සියල්ල අපට පැමිණියේය; එහෙත් ඔබ සිහිනැති නොකෙළෙමුව, ඔබගේ ගිවිසුම ගැන වංචාවෙන් ක්‍රියා නොකෙළෙමුව.


මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.


මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලාගේ පියවරුන් මිසර දේශය වන වහල්කමේ ගෙයින් ගෙනා දවසේදී ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්–


ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්