Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:39 - Sinhala Revised Old Version

39 මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:39
17 හුවමාරු යොමු  

මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.


නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,


ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.


එම්බා ඉශ්‍රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේගෙන් නුඹ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, නුඹ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.


එහිදී නුඹලාගේ සියලු මාර්ගද නුඹලාම අපවිත්‍රකරගත්තාවූ නුඹලාගේ සියලු ක්‍රියාද නුඹලා සිහිකොට, නුඹලා කළාවූ නුඹලාගේ සියලුම නපුරුකම් නිසා නුඹලාටම පිළිකුල්කරන්නහුය.


මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.


නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ වනාහි එහි කාලය පැමිණෙන පිණිස එහි මැද ලේ වගුරුවන්නාවූද එය අපවිත්‍රවන පිණිස තමාටම විරුද්ධව දේවරූප සාදාගන්නාවූද නුවරක්ය!


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ රටෙහි වාසයකරද්දී ඔව්හු තමුන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍රකළෝය. ඔවුන්ගේ මාර්ගය කිළිවූ ස්ත්‍රීයෙකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි වූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්