ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 7:12 - Sinhala Revised Old Version

ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මෙසේ කීහ: “ආමෙන්! ප්‍රශංසාව හා මහිමයත්, ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්, බලය හා පරාක්‍රමයත්, සදහට ම, සදාතනිකව ම අපේ දෙවියන්වහන්සේටම වේවා. ආමෙන්!”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 7:12
27 හුවමාරු යොමු  

මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය.


තවද ලෙවීවරු නම්: යේෂුවා, මින්නුයි, කද්මීයෙල්, ෂේරෙබියා, යූදා සහ මත්තනියාය, ඔහුත් ඔහුගේ සහෝදරයොත් ස්තුති ගායනා කණ්ඩායම් කෙරෙහි පත්ව සිටියෝය.


ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා.


මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.


ස්තුති දීමෙන් ස්වාමීන්ට ගී කියව්; වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව.


උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.


ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.


මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.


එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි; බාරවූ දේ ගෙවන්නෙමි. ගැළවීම අයිති ස්වාමීන්වහන්සේට යයි කීවේය.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.


නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?


මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.


නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.


තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.


අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.


ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.


වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්, හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය.