Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 33:9 - Sinhala Revised Old Version

9 මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 33:9
40 හුවමාරු යොමු  

එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.


පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක්මෙන් මට සෙනඟක්ද නාමයක්ද ප්‍රශංසාවක්ද තේජසක්ද වන පිණිස මුළු ඉශ්‍රායෙල් වංශයද මුළු යූදා වංශයද මට ඇලුම්වෙන්ට සැලැස්වීමි. නුමුත් ඔව්හු අසන්ට අකැමැතිවූවෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.


අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.


එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.


මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.


ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.


උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,


බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය.


නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?


යෙකොනියා රජුද මවු බිසවද නපුංසකයන්ද යූදා සහ යෙරුසලමේ අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් ගියායින් පසු,


ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය.


රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුභ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව සටන්කළ බව දේශවල සියලු රාජ්‍යයන් ඇසූ විට ඔවුන් පිටට දෙවියන්වහන්සේගෙන් භීතියක් පැමිණියේය.


නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.


කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.


නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා කියාද නුඹේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.


ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!


නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.


නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.


මාගේ බලයද මාගේ බලකොටුවද විපත්ති දවසේදී මාගේ රක්ෂාස්ථානයද වූ ස්වාමීන්වහන්ස, ජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙතට ඇවිත් කථාකොට: කිසි ප්‍රයෝජනයක් නැති නිෂ්ඵලකම වන බොරුකාරකමම අපේ පියවරු උරුමකරගෙන සිටියෝය.


යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි.


බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කීර්තිමත් නුවරවන මාගේ ප්‍රීතියේ නුවර අත්හරිනු ලැබූ හැටි!


මිනීවළට බැස්ස පුරාණ ළඟට සෙනඟ බසින්ට මම නුඹට සලස්වන්නෙමි, නුඹ තුළ වැසියන් නොසිටින පිණිසද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි මා විසින් මහිමය තබන පිණිසද මිනීවළට බසින අය සමඟ පොළොවේ පහත් තැන්වල එනම් පුරාතන සිට පාළුවූ තැන්හි නුඹ වාසයකරවන්නෙමි.


එසේය, දේශයේ මුළු සෙනඟ ඔවුන් වළලන්නෝය; එය වනාහි මා ගෞරවයට පැමිණෙන කාලයේදී ඔවුන්ට කීර්තියක් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය නුඹ විසින් භුක්තිවිඳින පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එහි පමුණුවා, උන්වහන්සේ නුඹට යහපතකොට, නුඹේ පියවරුන්ට වඩා නුඹ වැඩිකරනසේක.


මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.


මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.


පූජකයන්ගේ ආත්ම තරකමෙන් පූර්ණ කරන්නෙමි, මාගේ සෙනඟද මාගේ යහපත්කමින් තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.‍‍‍


මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය.


නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්