Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 72:19 - Sinhala Revised Old Version

19 උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එතුමාණන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමාණන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 72:19
17 හුවමාරු යොමු  

එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම,


ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.


මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.


මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.


පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.


මේ කාරණා ගැන සාක්ෂිදෙන තැනන්වහන්සේ කථාකොට: එසේය, මම ඉක්මනින් එමියි කියනසේක. ආමෙන්, ස්වාමිවූ යේසුස්වහන්ස, වැඩිය මැනව.


ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.


ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය.


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ආමෙන්, ස්වාමීන්වහන්සේ එසේ කරන සේක්වා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද අල්ලාගෙනගිය සියල්ලන්ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙන ලෙස නුඹ අනාගතවාක්‍යයෙන් කී වචන ස්වාමීන්වහන්සේ ඉෂ්ටකරනසේක්වා.


එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේක්වා.


බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර නුඹේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්, ආමෙන්යයි කියාවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්