ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 16:2 - Sinhala Revised Old Version

එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය; එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 16:2
22 හුවමාරු යොමු  

නුඹේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස නුඹේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.


මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල්වල වැළඳි අසාධ්‍ය රෝගයකින් ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක.


උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක. ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක.


ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.


එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය ලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.


ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.


ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.


ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය.


එවිට වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේ දෑකැත්ත පොළොවට හෙළූසේක; පොළොවේ ගොයම්ද කපනු ලැබුවේය.


තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස්: යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද,


තවද: නුඹලා ගොස් දෙවියන්වහන්සේගේ උදහස නමැති පාත්‍රා සත පොළොවේ වගුරුවන්නැයි දේවදූතයන් සත්දෙනාට කියන මහත් හඬක් දේවමාළිගාවෙන් මට ඇසුණේය.


ඔව්හු තමුන්ගේ වේදනාද වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාසකළෝය; තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූණෝය.


පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.


එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.


තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.